ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Sunday, February 6, 2011

මාධ්‍ය නිවේදනය - රුහුණ වෛද්‍ය පීඨය (නේවාසිකාගාර ගැටලුව සම්බන්ධවයි)

වෛද්‍ය පීඨ මාධ්‍ය කමිටුව
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
වෛද්‍ය පීඨය,
රුහුණ විශ්වවිද්‍යාලය,
කරාපිටිය,
2011-01-31

මහත්මාණෙනි/මහත්මිය,
 

අසාධාරණ ලෙස නේවාසිකාගාර ගාස්තු ඉහල දැමීම සම්බන්ධව
මාධ්‍ය දැනුවත් කිරීමයි

      රුහුණ විශ්ව විද්‍යාලීය කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් මුහුණ දී සිටින නේවාසිකාගාර ගැටලුව පිලිබද ඔබතුමන්ලාගේ අවධානය යොමු කරවා ගැනීම මෙම ලිපියේ අරමුණයි.

     රුහුණ විශ්ව විද්‍යාලීය කරාපිටිය වෛද්‍ය පීඨයට බ්‍රිතාන්‍ය හා කුවෙිට් ආධාර මත පෞද්ගලික මට්ටමේ ධන පරිත්‍යග ලෙස ලැබුණ නේවාසිකාගාර කිහිපයක් පවතී. මේවා ඉදිකිරීමේදී විශ්ව විද්‍යාලයට හෝ රජයට කිසිදු මුදලක් වැයවී නොතිබෙන බවද මුලින්ම සදහන් කරනු කැමැත්තෙමි. උසස් පෙළ විභාගය ඉහලින් සමත් දීප්තිමත්ව සිසුන් පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් රාත්‍රි කාලයේ පවා සායනික පුහුණු වීම් වලට සහභාගි වෙමින් තම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ගැනීමේදී මෙම නේවාසිකාගාර වලින් ලැබෙන උපකාරය සුලුපටු නොවේ.

     නමුත් මෙතෙක් කලක් ශ්‍රි ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර වල අයකරන මුදලටම කරාපිටිය වෛද්‍ය පීඨයේදීත් නේවාසිකාගාර පහසුකම් ලබා දී තිබුණද වර්තමාන පීඨ පරිපානය එම මුදල අත්තනෝමතික හා අසාධාරණ අයුරින් සංශෝධනය කිරීමට උත්සාහ දරමින් සිටී. ඒ අනුව මෙතෙක් පැවති වාර්ෂිකව පැවති රු.600 ක මුදල වෙනුවට වර්ෂයකට රු 6000 - 10000 වැනි අධික මුදලකට නේවාසිකාගාර ගාස්තු ඉහල දැමීමට පීඨ පරිපාලනය අත්තනෝමතිකව ක්‍රියා කරමින් සිටී. වෛද්‍ය උපාධිය හදාරන කරාපිටිය වෛද්‍ය සිසුන්ගෙන් බහුතරයක්ම ඉතා පහල ආදායම් මට්ටම් සහිත තණමල්විල, ලුණුගම්වෙහෙර, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, වැල්ලවාය වැනි දුරබැහැර ප්‍රදේශ වලින් පැමිණි සිසුන්ගෙන් යුක්ත වෙයි.

     වෛද්‍ය පොතපතට අමතරව දෛනික නිබන්ධන සදහාත් ආහාරපාන සහ ඉදුම් හිටුම් සදහාත් මසකට රු 5000 - 7000 ක් වැනි අධික මුදලක් වැය කිරීමට වෛද්‍ය සිසුන්ට සිදුවෙයි. එවැනි වූ වටපිටාවක නව නේවාසිකාගාර ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් නේවාසිකාගාර ගාස්තු මෙසේ ඉහල දැමීම සිසුන්ට කෙසේවත් දරාගත නොහැකක්කකි.

     නමුත් මේ පිලිබද වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය තිලක් වීරසුරිය සහ නියෝජ්‍ය උපකුලපති ගාමිණි සේනානායක යන මහත්වරුන් පවසනුයේ පීඨයේ නඩත්තු කටයුතු සදහා තමන්ට මුදල් නොමැති බවත් වඩා යහපත් වූ පිීඨයක් ගොඩනගා ගැනීමට මෙම මුදල් සිසුන් විසින් අනිවාර්යෙන්ම දැරිය යුතු බවත්ය. නමුත් මෙහිදී ඇති ගැටලුව වන්නේ වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයක නොපවතින නේවාසිකාගාර ප්‍රතිපත්තියක් අප පීඨයට පමණක් බලපාන්නේ කෙසේද යන්නයි. එමෙන්ම රුහුණ විශ්ව විද්‍යාලයේ වෙනත් කිසිදු පීඨයකට බලනොපාන නේවාසිකාගාර ප්‍රතිපත්තියක් අප පීඨයට පමණක් බලපාන්නේ කෙසේද යන්නයි. එම ගැටලු වලට පිලිතුරු දීමට පරිපාලනයට නොහාැකි වුනු බවද මෙහිදී නොපැලකිව සදහන් කල යුතුය. විශ්ව විද්‍යාල නඩත්තුව සදහා මුදල් නොලැබෙන්නේ නම් අයවැයෙන් උසස් අධ්‍යාපනයට වෙන් කල අධික මුදල යන්නේ කා උදෙසාදැයි ඇසීමට තරම් එඩිතර නොවන පීඨ පරිපාලනය එම මුදල අහිංසක සිසුනගෙන් අයකර ගැනීමට නොපැලිකව එඩිතර වී ඇති බව පෙනේ.

     ඔබතුමන්ලාගේ දැන ගැනීම උදෙසා ශ්‍රි ලංකාවේ අනෙකුත් වෛද්‍ය පීඨවල වාර්ෂික නේවාසිකාගාර ගාස්තු දැක්වීමට කැමැත්තෙමි.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය         රු.750
    යාපනය විශ්ව විද්‍යාලය                රු.250
    කැලණිය විශ්ව විද්‍යාලය              රු.450
    රජරට විශ්ව විද්‍යාලය                  රු.250
    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය        රු.750
    කොලඹ විශ්ව විද්‍යාලය               රු.1200


     නඩත්තුව සදහා අධික මුදලක් වැයවෙතැයි සිතිය හැකි කොළඹ වෛදය පීඨයේ පවා වාර්ෂික ගාස්තුව රු 1200 ලෙස තිබියදීත් අප පීඨයේ පමණක් එය රු 6000 - 10000 පමණ වෙනුයේ කෙසේදැයි යන්න ගැටලුවකි. එසේම මෙම නව නේවාසිකාගාර ගාස්තු ඉදිරි මාස වලදී නැවත සංශෝධනය විය හැකි බවත් එම මුදල නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවත් පවසන පීඨ පරිපාලනය එම නව ගාස්තු මුදල ලබා දෙන තුරු වෛද්‍ය පීඨයේ සිව්වන වසර සිසුන්ගේ විභාග ප්‍රතිපල නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර එම නව මුදල සහ තවත් දඩ මුදලක් ගෙවන තුරු අනෙකුත් වසර වල සිසුනගේත් ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවන බව ප්‍රකාශ කර ඇත්තේ ගමේ කලු මුදලාලිලා පොලී මුදල් එකතු කරනා පහත් ආකාරයට වීම කණගාවට කරුණකි. 

     එසේම මෙම නේවාසිකාගාර ලැබීමට පෙර පීඨය මගින් මසකට රු  30000 - 50000 මුදලක් බැගින් ගෙවමින් විශ්ව විද්‍යාලයට පිටතින් නේවාසිකාගාර 7 ක් කුලියට ගෙන තිබුනද වර්තමානයේ එම මුදලද පීඨයට ඉතිරි වෙත්දීත් නඩත්තුව සදහා යැයි කියමින් මෙලෙස අධික මුදලක් සිසුන්ගෙන් අයකරගනිමින් නඩත්තු කිරීමට සැරසෙනුයේ කුමක්දැයි පීඨ සිසුන් වන අපට ඇති බරපතල ගැටලුවකි.

     මේ වන විට රජය මගින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල එම මට්ටමටම ගෙන එන බව පැවසුවද සැබැවින්ම සිදුවී ඇත්තේ මෙතෙක් කලක් වැය කල මුදලද කප්පාදු කර තිබීම නොවේද සැබැවින්ම වගකීම් සහගත බලධාරීන්ගේ වගකීම ලොව ඇති හොද විශ්ව විද්‍යාල ලංකාවට ගෙන ඒම නොව ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ලොව ඇති අග්‍රගන්‍ය විශ්ව විද්‍යාල බවට පත්කිරීම නොවේද කිසියම් දිනයක කිසදු ගැටලුවකින් තොරව හා සතුටින් තම අධ්‍යයන කටයුතු කරගෙන යනු ඇත. එවන් දිනක කිසිවකු කාලා තෙල වැඩිවෙලා කැම්පස් කොල්ලන් කෑ ගහනවා යැයි නොකියනු ඇත. කිසිදු සරසවි ශිෂ්‍යයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස බොරුවට හංවඩු නොගැසෙනු ඇත. එම නිසා රටට වග කියන සමාජයට වගකියන ඔබ වැනි කීර්තිමත් මාධ්‍ය ආයතනයකින් අප බලාපොරොත්තු වනුයේ අපගේ ගැටලුවට ස්ථිර විසදුමක් ලබා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීමයි. ඒ සදහා වගකීම් සහගත මාධ්‍ය මෙහෙවරක යෙදෙන ඔබතුමන්ලාගේ යුතුකම අප වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අපි තරයේම විශ්වාස කරමු. එසේම කිසිදු පාට පක්ෂ භේදයකින් තොරව පොදුවේ අප සියලු දෙනා මුහුණ දෙන මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ ඉක්මන් ප්‍රතිචාරය අපි කාරුණිකව බලාපොරොත්තු වෙමු.

ස්තුතියි.

මෙයට විශ්වාසී
රුහුණ වෛද්‍ය පීඨ ක්‍රියාකාරී
කමිටුව (මාධ්‍ය කමිටුව)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය

6 comments:

  1. ponna rasika sanjeewa,uba dagalanawa wadiy.ube wadak balagena hitapiya.nattham ubata part 2 awrudu 10k karala passe nikanma gedara yanna puluwan.Thilak weerasuriya

    ReplyDelete
  2. Mama thamai rasika sanjeewa. Mata ubawage un hurathal kara kara ennawelawak na. Mata keyanna deyak thiyanawanam mawa hamuwela kathakaranna. mewage hangila gonarthala denna epa ponnayek wage. Ubane ban ponnaya. menehek essarahata awith kathakaranna pana nathi... bye malli.

    ReplyDelete
  3. eka nam eththa. adugane namawath kiyaganna beri ekekne me yaka.

    ReplyDelete
  4. rasikata ,part 2 10 parak karanda wenawa kiyanne kohomada ara yaka.ei uuuuuu dean ta p....k...a dena ekekkda.ape faculty walath innawa oya wage un.amma unath wikunanawa unge wsiyata.umbata rasika ekka prashnayak thiyenawanam muunta gihin katha karapan.apita purudu ehema weda karala.nethuwa ponnayek wage then then wala horen comments dana eka neme yako.rasika igena ganna gaman thaman laba gaththa de anith eun wenuwen denda mahansi wenawa.eke mokkakda thiyena weredda.umbala rasiaklata chodana karanawa deshapalanaya karanawa kiyala.umba mokkda oya karanne.eka deshapalanaya nemeda.mathawadeewa fight karapan.privete facts ganne kisima deyak beri un.Rasika we with u.carry on.me loke kisima kandak ponnayo biruwata kadagena wetila ne.api fight karanne free education wenuwen.ekata maranthika upawasayakata wadi wenda unath lesthi wela hitiya un thamai rasikai,sasankai kiyanne.oya ponnayo deange redda asse testicles lewa kaka hitapu eun.Good luck Rasika.again we with u.

    ReplyDelete
  5. mama Ragama medical faculty eke student union eke hitapu president.Rasika , Sasanka gena api e dawaswala idan dannwa.strike eka welawe marnthika upawasayakata wadi wenna ona welawaka lesthi wela hitiye.e dennage yahapathata nemene.me rate daruwange free education.right for education.ithin mokkada problem eka.exam allagena katha karanne thman darana mathaya powerful nethi unama additional support ekkak ganna.ekenma therenawa how weak da kiyala e ayage adahas.privete medical collage ok nam prasidda debate ekkak organize karanna.api ennam owata.open katyha karamu. ei hidden games?.ei minissunata insults karanne? Gossip......Ruhune med fac eke student union ekath ekka katha karala debate ekka organise karanna.api enawa.rasika ei,oya katha karanna.ehemane minissu prashna wisadanne.nethuewa exam 10 parak genakiyanne eththatama konda pana nethi minissu.typical politicians la.Mokada kiyanne.debate ekak karamuda.Gossip reply.....

    ReplyDelete
  6. api kiwwane rasika sanjeewa ube part 2 exam ekata kelawenawa kiyala kalinma.dan ithin ubatanma penawa athine jvp pakkunta kade gihin anthimata ubatama kela una kiyala.oya modayonta puka denne nathuwa igena ganin.ubalata ona help ekak galle set eken denna.kuppi unath dennam.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි