ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, September 6, 2011

මුදලට දෙන උපාධි කඩ...

බට   හිර වෙදකම මුදලට දෙන උපාධි              කඩ
අට   වන්නට අසූව දශක‍යෙ නොමදුන්             ඉඩ
කට  යුතු කළ වෙනුර ත්‍රීමා දෑ විරුවන්              හඬ
යට  වෙන්නට මේ පරපුර ඇයි තැබුවේ             ඉඩ

හිස් මුදුනින් පරාලඇණ මොලේ මැදින්           ගියේ
උස්      අරමුණ පාවා දුන්නද ත්‍රීමා                   බයේ
ඇස් මොළගෙඩි නැති පරපුරකට වෙදකම    නොයේ
වස්  තර නැති ඵස්.බී ලට ඵ්කයි තැන               ගියේ

කණ  පසාරු කළ පෑනෙන් වෙනුර දුන්නු       පාඩම්
දෙන වෙලාව පැන්නා දැන් ගිය හකුරට         නාඩම්
පණ බයේම වෙද සිසුවනි බැඳගෙන මුඛ        වාඩම්
වන ගත වීමට සැරසෙමු දෙපයට  බැඳ          ලාඩම්

හැට පන්ලක්ෂෙට විකිනෙණ වෙද උපාධි      කඩේ
වැට  මායින් තර කරවයි ඵස්. බී ලගෙ           නඩේ
පිට  වෙන නඩයට රජයේ රැකියා ටික          වැඩේ
හෙට  දුප්පත් අපි යමු රැකියා නැති කුණු     ගොඩේ

රටේ   අනාගතය තවත් මුල්ලට ඇද               දමා
කටේ  පාන්කඬය ඔබා හිටියොත් හිස           නමා
කොටේ හුඟක් දුරට අදින මේ අලියට            තමා
බැටේ දෙන්නෙ ධනපතියන් රැළ උඩ දම        දමා

දිනා  ගන්න බැහැ කිසිවක් නැතුව සටන්        බිම
මනා ලෙසම පසක් කලා ත්‍රීමා වෙනුර          ලැම
ගෙනා හකුරු ලෙහාබලා වක්කඩ ලඟ            දිම
දිනා  ගන්න සටන් කරමු පැරදුන මොහො     තම

1 comment:

  1. අතීතයේ කරපු කෙරුම් කියල වැඩක් නැත
    දැන් කරන්න පුළුවන් දේ බලමුද හිතවත
    සල්ලි තියෙන උන් දොස්තර උනාට කම් නැත
    අපෙ ගුරුවරු බිලිබාලා ගන්න එකයි කැත

    ආණ්ඩුවෙන් ගුරුවරුන්ට වැඩි පඩි දෙන්නැත
    පිට රටවල උපාධි කඩ අවසර පිට වැඩ
    වැඩි පඩියට අපෙ ගුරුවරු නොයයිද ඒවට
    ලංකාවේ කැම්පස් වල අපෙ හෙට කොයිබට ?

    ඇස් (නැති) බී(රි) අලියට කෑකෝ නොගසමු
    මහපාරේ හිටගෙන උද්ගෝෂණ නොකරමු
    අසරණ මහජනය පෙලන වර්ජන නොකරමු
    හොඳට ඉගෙන ගෙන අපි අපෙ වැඩ කිඩ පෙන්නමු

    කැම්පස් එකේ ගුරුවරුන්ගේ ගුරුසිත නොරිදාලා
    lectures,practical,tute හැම එකටම ඉඳලා
    අපේ උනන්දුව පෙන්වමු! සැවොම එකතු වීලා
    ගුරුවරු ටික තියාගන්න කැපවෙමු අද ඉඳලා

    channeling centre එක ටිකකට අමතක කරලා
    රෝහල් වල අපෙ උපරිම සේවය යොදවාලා
    කරුණාවෙන් කැපවීමෙන් ගිලනුන් සුවකරලා
    වචනෙන් නොව ක්‍රියාවෙන්ම අපෙ ගුණ වටහාලා

    හොඳ දේකට කුහක නොවී සහයෝගය දීලා
    අපිටත් සමහරවිට වරදින බව මතකෙට නගලා
    මිනිසුන් ලෙස අසරණ මිනිසුන් හට සලකාලා
    මහජන මතයක් ඇතිකරවමු අපි අද ඉඳලා

    ඉන් හැකිවෙයි අපෙ මතයට වටිනාකම දෙන්න
    ගුරුවරු ටික අපෙ කැම්පස් වලම තියා ගන්න
    අපේ උපාධියෙ වටිනාකම වැඩිකර ගන්න
    ඕන තැනක ගිහින් අපේ දැනුමෙන් ජය ගන්න...!

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි