ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, December 6, 2011

2011දී ශිෂ්‍ය සංගම් 23ක් තහනම් කරලා


ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවන වතාවට විශ්වවිද්‍යාල පද්ධතියේ මහා ශිෂ්‍ය සංගම් 7ක් සහ පීඨ ශිෂ්‍ය සංගම් 16ක් 2011 වසරේදී තහනම් කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කරයි. එම ශිෂය බලමණ්ඩලය විසින් ඊයේ (05) නිපෝන් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ 1984 ජේ.ආර්.ජයවර්ධන දේශපාලන පක්‍ෂ තහනම් කරමින් ඇරඹි ධවල මර්දනය, 2011 දී එම්.ආර්. ශිෂ්‍ය සංගම් තහනම් කරමින් ඇරඹීමට උත්සාහ දරන බවයි.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම තහනම්කර ඇති ශිෂ්‍ය සංගම් සියල්ල 1976 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව නීත්‍යානුකූලව පිහිටුවා තිබූ ඒවා බවයි.

එහදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර මහතා මෙසේද පැවසීය

‘‘සබරගමුව,ජයවර්ධනපුර,රජරට,සෞන්දර්ය,කොළඹ,වයඹ සහ ඌව යන විශ්වවිද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම් තහනම් කරලා.ශිෂ්‍යයින්ට තමන්ගෙ ප‍්‍රශ්න,ගැටලූ සාකච්ඡා කරන්න තිබුණ තත්ත්වය නැති කරල.පීඨ මණ්ඩලයට ගිහින් තමන්ගේ අධ්‍යයන ගැටලූ සාකච්ඡා කරන්න දැන් ඉඩක් නැහැ.ඒ සියලූ විශ්වවිද්‍යාල වල අධ්‍යයන හා සුබසාධන ගැටලූ විශාල ප‍්‍රමාණයක් ඇතිවෙලා.රජරට මහාචාර්ය ඒකකයක් නැහැ,පේරාදෙණියෙ කළමනාකරණ පීඨ ගොඩනැගිලි නැහැ, සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ විෂය කප්පාදු කරල,ජ’පුරේ නේවාසිකාගාර පහසුකම් අහිමි කරල,කැලණියේ සිසුවියන් 900කට පමණ නේවාසිකාගාර පහසුකම් නැහැ.තම අයිතීන් ඉල්ලල උද්ඝෝෂණය කරාම අසත්‍ය චෝදනා ඉදිරිපත් කරලා පංති තහනම් කරනවා,ශිෂ්‍ය සංගම් තහනම් කරනවා’’

ආණ්ඩුව නිදහස් අධ්‍යාපන විනාශ කරමින් අධ්‍යාපනය විකුණන්න සූදානම් වෙනවා.අපිට ආරංචිය ජනවාරි මාසෙ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙන්න සූදානම්.ඒ නිසා හරි පැහැදිලියි මේ සූදානම් වෙන්නෙ ශිෂ්‍ය සංගම් තහනම් කරල,සිසු,සිසුවියන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ පංති තහනම් කරල මර්දනය දියත් කරන්න.අපි ආණ්ඩුවට කියනවා කෙසේවත් අධ්‍යාපනය විකුණන්න දෙන්නෙ නැහැ.ඒ වෙනුවෙන් සියලූ සිසුන්,ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයින් දැනුවත් කරල අපි අඛණ්ඩ අරගලයක් පටන් ගන්නවා.ඒ වගේම රටේ ජනතාවට කියනව මේ ව්‍යසනය පරදවන්න පෙළගැහෙන්න කියලා.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි