ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, December 6, 2011

රජරට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කරයි

රජරට විශ්වවිද්‍යාලයේ සාලියපුර වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීමට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පියවර ගෙන තිබේ. පසුගිය 28 වැනිදා වෛද්‍ය පීඨ සිසුන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයට සමගාමීව මෙම ක්‍රියාමාර්ගය ගත් බව උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතා ප්‍රකාශ කරයි.

රජරට වෛද්‍යපීඨයේ සිසුන්ට සිය වෛද්‍ය උපාධිය අවසාන කිරීම සඳහා අත්‍යවශ්‍යව තිබෙන මහාචාර්ය ඒකකය මේවනතෙක් ඉදි නොකිරීමට විරෝධය පාමින් සිසූහු එම උද්ඝෝෂණය පැවැත්වූහ.

උද්ඝෝෂණය අවස්ථාවේදී උපකුලපතිවරයා සිසුන්ගේ ඉල්ලීම් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ මොහොතේ සිසුහු උපකුලපති කාර්යාලය වටලා උපකුලපතිවරයා සහ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය පැය 3ක් පමණ නිවාස අඩස්සියේ රදවාගත්හ. පසුව සිසුන් සමඟ සාකච්ඡා කිරීමට උපකුලපතිවරයා එකඟවීමෙන් අනතුරුව සිසුහු ඔහු සහ පීඨාධිතිනිය නිදහස් කිරීමට කටයුතු කලහ.

ඉන් අනතුරුව උපකුලපතිවරයා සමඟ සිසුන් පැවැත්වූ සාකච්ඡාවේදී මහාචාර්ය ඒකකය දෙසැම්බර් මස 15 වැනිදාට පෙර ඉදිකරන බවට උපකුලපතිවරයා පොරොන්දුවිය.

කෙසේ වෙතත් ඊට පසුදිනම උපකුලපතිවරයා විසින් එම උද්ඝෝෂණය සංවිධානය කළ සිසුන් 6 දෙනෙකුගේ පංති තහනම් කරනු ලැබීය. ඉන් නොනැවතී ඔහු 2011 දෙසැම්බර් 01 වෙනි බ්‍රහස්පතින්දා මෙලෙස වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමයද තහනම්කර තිබේ.

1 comment:

  1. සියලු ශිෂ්‍ය අයතීන් වෙනුවෙන් පෙල ගැහෙන්න ඕන.නැත්නම් තව දුරටත් නිදහස් අධ්‍යාපනය මේ පොලව උඩ දකින්න වෙන්නේ නෑ.මේ කරන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායම් බලෙන් යටපත් කිරීම නොවෙද?.එනම් මර්ධනය නොවෙද?මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන ,නොබලන සියලු දෙනාට කීමට ඇත්තේ,ඔබ විනාශ වෙන තෙක්,ඔබේ දරැවගේ අනාගතය විනාශ වන තෙක් උපේක්ෂාව වැඩිය හැකිද?.කරුණාකර ඇස් ඇර පාරට එන්න.නැත්නම් එය ඔබ යට කරගෙන යනතුරු නොසිට සටනට එන්න.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි